by Staff writer 01-07-2019 | 2:14 PM
COLOMBO (News 1st) : සිකුරාදා තෙක් විදුලි බල මණ්ඩලය සඳහා යළි ඉන්ධන ලබාදෙන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසයි.
ඛණිජ තෙල් වෘත්තිය සමිති එම තීරණයට එළැඹ ඇත්තේ , අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා තෙල් පොම්ප කරන නළ පද්ධතිය නවීකරණ කටයුතුවලට විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා බාධාකරන බව පවසමින් වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බල මණ්ඩලය සඳහා ඉන්ධන සැපයීම අත්හිටවනු ලැබී ය.