කොස්තාපල්ට පහර දුන් මන්ත්‍රී පුත්‍රයා අත්අඩංගුවට

පොලිස් නිලධාරියාට පහර දුන් මන්ත්‍රී පුත්‍රයා අත්අඩංගුවට

by Staff writer 01-07-2019 | 12:12 PM
COLOMBO (News 1st) : පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු අද උදෑසන හලාවත පොලිසියට භාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බවයි. ඉෂාර චතුරංග අබේසේකර නමැති 26 හැවිරිදි සැකකරු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෙරේදා රාත්‍රි 8.45 ට පමණ හලාවත, සේදවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා විසින් ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුට පොල්ලකින් පහරදී තිබිණ. පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.