අලි රොෂාන්ට එරෙහි නඩුව: නීතිපතිගෙන් ඉල්ලීමක්

අලි රොෂාන්ට එරෙහි නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපති ඉල්ලයි

by Staff writer 25-06-2019 | 4:14 PM
COLOMBO (News 1st) - ප්‍රකට අලි ජාවාරම්කරුවෙකු වන අලි රොෂාන් හෙවත් නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරනු ලබන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබේ. රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවේ, එම විත්තිකරුවන් විසින් අලි ඇතුන් 5 දෙනෙකු නීති විරෝධීව ජාවාරම් කර රුපියල් මිලියන 30කට අධික මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් එම නඩුව ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අගවිනිසුරුවරයාට දන්වා ඇති බව ය. කොළඹ මහාධිකරණය හමුවේ මොවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතව ඇත්තේ, අධිචෝදනා 36ක් යටතේ ය. අලි රොෂාන්ට අමතරව හිටපු වනජීවී අධ්‍යක්ෂ උපාලි පද්මසිරි මහතා ඇතුළු 8 දෙනෙකු නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.