(News 1st) - මානව හිමිකම් කවුන්සිලයේ 41 වන සැසිවාරය මේ දිනවල පැවැත්වේ.
එහිදී ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් දැක්වූ මහ කොමසාරිස්වරිය.
මිෂෙල් බැචලේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්
"මීට මාස දෙකකට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ආතතියේ යම් වැඩි වීමක් සිදු වුණා. මුස්ලිම් විරෝධී වාර්තා මට හරි කරදරයක්. අපි ආමන්ත්‍රණය කරන්න ඕන තවත් දෙයක් තමයි සමහර ආගමික නායකයින් සිදු කරන ප්‍රචණ්ඩත්වය උසි ගැන්වෙන ප්‍රකාශයන්. ත්‍රස්ත මර්දන පියවර ගෙන ඇති අවස්ථාවක හදිසි නීතිය අවම කාලසීමාවකට සීමා කළ යුතුයි. සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය මැඩලීම සඳහා රටේ දේශපාලනික, ආගමික සහ අනෙකුත් ප්‍රජා නායකයින් එකට එක්විය යුතුයි. ඒ සඳහා අපි මූලිකත්වය දිය යුතුයි. අපි වඩාත් සුපරික්ෂාකාරී විය යුතු තවත් කාරණාවක් තමයි එකිනෙකා අතර හටගන්නා වෛරය සහ ප්‍රචණ්ඩත්වය. අපි ඒ සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් මෙන්ම ඉතාමත් පරිස්සමින් ක්‍රියා කළ යුතුයි."
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව සිදු වූ දේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධාන හරි දැක්මකින් කටයුතු කරන්නේ නම් වඩාත් සුදුසුයි.
අපේ රටේ ප්‍රතිපත්තිය ත්‍රස්ත විරෝධී ප්‍රතිපත්තියක් මිස කිසියම් ජන වර්ගයකට එරෙහි ප්‍රතිපත්තියක් නොව බව ඔවුන් සිහි තබා ගත යුතු ය.
ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරට ලක් වූයේ ශ්‍රී ලාංකිකයින් ලෙස භේදයකින් තොරව අවුරුදු 10ක් අප භුක්ති විඳි සාමයයි.
ඉරාකය, සිරියාව, ලිබියාව කඩා වැටෙද්දී එක්සත් ජාතීන් සිටියේ කොහේද?
දැන් බරපතළ ප්‍රශ්නයක් වී ඇති අමෙරිකානු - ඉරාන අර්බුදයේදී පවා සිදු වන්නේ කුමක් ද?
ඉරාන ජාත්‍යන්තර ගුවන් සීමාවේදී අමෙරිකානු ඩ්‍රෝන යානාවකට පහර දීම සම්බාධක පැනවීම දක්වා වර්ධනය වී තිබේ.
මේවා ගැන එක්සත් ජාතීන් නිහඬ ඇයි?
ප්‍රකට ලේඛිකා අරුන්දතී රෝයී මෑතකදී කියා සිටියේ, රහසිගත ආයතන තුනකින් ලෝකය පාලනය කරන බව ය.
නිතැතින්ම මතුවන ප්‍රශ්නය වන්නේ එක්සත් ජාතීන් ද මේ ආයතන අතරට ඇතුළත්ව ඇත්ද යන්නයි.