ලක්ෂ 70කට අධික හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රු. ලක්ෂ 70කට අධික හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු කටුබැද්දේදී අත්අඩංගුවට

by Staff writer 19-06-2019 | 11:48 AM
COLOMBO (News 1st) - රත්මලාන කටුබැද්ද ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ කළ වැටලීමකිනි. ඔහු සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 127කි. එහි වටිනාමක රුපියල් ලක්ෂ 70කට අධික බව ද විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. 28 හැවිරිදි සැකකරු පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම හෙරොයින් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංජුගේ බවට සැක කරන බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.