හෙරොයින් සමග 3 දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 30කට අධික ප්‍රමාණයක් සමග 3 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 14-06-2019 | 10:24 AM
COLOMBO (News 1st) - ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කළ වැටලීම්වලින් හෙරොයින් ග්‍රෑම් 30කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ මැල්වත්ත, පෑලියගොඩ සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව ය. කොටහේන මැල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී පොලීසිය භාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 900කි. සැකකරු 55 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය. පෑලියගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් හෙරොයින් ග්‍රැම් 5යි මිලිග්‍රෑම් 300ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, 41 හැවිරිදි සැකකරු කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර කහටගස්දිගිලිය ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, 22 හැවිරිදි එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රැම් 5යි මිලිග්‍රෑම් 300ක් සිය භාරයට ගත් බව ය.