හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා අද ත් ජනපති කොමිසමට

හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා අද ත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

by Staff writer 14-06-2019 | 6:09 PM

COLOMBO (News 1st) - නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා පසුගිය සිව්වසර තුළ සිදුව ඇති මහා පරිමාණ දූෂණ වංචා සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටියේ ය.

අප වාර්තාකරු පැවසුවේ, හිස්බුල්ලා මහතා අද පෙරවරු 10.00 ට පමණ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණි බවයි. මඩකලපුවේ ඉදි කෙරෙන බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පැමිණියේ ය.