ස්ත්‍රී දූෂණයක් කළ අයෙකුට වසර 10 ක සිරදඬුවමක්

ස්ත්‍රී දූෂණයකට වරදකරු වූ අයෙකුට වසර 10 ක සිරදඬුවමක්

by Staff writer 14-06-2019 | 3:46 PM

COLOMBO (News 1st) - ස්ත්‍රී දූෂණයකට වරදකරු වූ විත්තිකරුවෙකුට ගාල්ල පළාත්බද මහාධිකරණය අද බරපතළ වැඩ සහිත වසර 10 ක සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ, ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. විත්තිකරුට රුපියල් 5000 ක දඩයක් නියම කළ අධිකරණය අදාළ කාන්තාවට රුපියල් 450,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසට ද නියෝග කළේ ය. අධිකරණය නියෝග කළේ, වන්දි සහ දඩ මුදල් නොගවන්නේ නම් තව ත් මාස 06 බැගින් වූ වසරක සිරදඬුවමක් ද විත්තිකරුට ලබාදෙන ලෙසයි. 2009 දෙසැම්බර් 07 වැනි දා හික්කඩුව පොලිස් වසමේදී මෙම ස්ත්‍රී දූෂණය සිදු කර තිබිණි.