නැගෙනහිර සරසවියේ සිසුන් 4 ක් රෝහලේ

නවකවදය නිසා නැගෙනහිර සරසවියේ සිසුන් 4 ක් රෝහලේ

by Staff writer 14-06-2019 | 4:38 PM

COLOMBO (News 1st) - නවකවදය ලබාදීමෙන් තුවාල ලැබූ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ මෙය සිදුව ඇති බවයි. ඔවුන්ට නවකවදය ලබාදී ඇත්තේ එහි දෙවන වසරේ සිසුන් පිරිසකි. ඉන් තුවාල ලැබු සිසුන් 4 දෙනා එරාවුර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව මහ රෝහලට මාරු කර යවා තිබේ. නැගෙනහිර විශ්වවිදයාලයේ ලේඛකාධිකාරීවරයා සඳහන් කළේ, එම සිසුන් රෝහලේදී ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් වැටීමෙන් තුවාල ලබා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.