Huawei දුරකතනවලින් Facebook ඉවත් කිරීමේ සූදානමක්

Huawei ජංගම දුරකතනවලින් Facebook ඉවත් කිරීමේ සූදානමක්

by Staff writer 08-06-2019 | 1:55 PM

News 1st - Huawei නව ජංගම දුරකතනවලින් සිය මෘදුකාංගය ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම සුදානම් වේ.

කෙසේවෙතත් ෆේස්බුක් සමාගම අදාළ තීරණය ක්‍රියාත්මක වන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. අමෙරිකානු රජය විසින් Huawei සමාගම සඳහා පනවන ලද සම්බාධක අනුව යමින් ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලෝකය පුරා බිලියන 2 කට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිත කරන බවයි. කෙසේවෙතත් චීනය තුළ ෆේස්බුක් භාවිතය තහනම් කිරීම විශේෂත්වයකි. පසුගිය දා ගුගල් සමාගම ද Huawei ජංගම දුරකතනවලින් සිය යෙදවුම අවහිර කිරීමට පියවර ගත්තේ ය.