by Staff writer 03-06-2019 | 1:03 PM
COLOMBO (News 1st) : මධුමාධව අරවින්ද මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 13 වන දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය.
ඔහු මෙම පෙත්සම ගොනුකර ඇත්තේ, සිවිල් හා දේශපාලන අයිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය දරණ උත්සාහය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.
අද මෙම පෙත්සම කැඳවනු ලැබුවේ සිසිර ද ආබෲ, එල්.ටී.බී දෙහිදෙණිය සහ පී. පද්මන් සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.
පෙත්සමෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා, කොළඹ උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පස් දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
ඒ අනුව ඔවුන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.