by Staff writer 03-06-2019 | 1:02 PM
COLOMBO (News 1st) : තවකාලික වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් අද යළි විවෘත කෙරිණ.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේ, පවතින ආරක්ෂක වැඩපිළිවෙළට අනුකූලව කටයුතු කිරීමට එම පීඨවල සිසුන් එකඟතාව පළ කිරීම හේතුවෙන් එම පීඨ යළි විවෘත කරන බවයි.
ඒ අනුව විද්‍යා පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨය සහ පරිගණක සහ තාක්ෂණ පීඨය අද යළි විවෘත කෙරෙනු ඇති.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු පසුගිය 28 වන දා විවෘත කළ කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ පසුගිය බ්‍රහස්පතින්දා වසා දැමුණේ විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ඇතැම් ක්‍රියාමාර්ගවලට සිසුන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙනි.