by Staff writer 29-05-2019 | 5:59 PM
COLOMBO (News 1st) : පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය සඳහන් කළේ, ව්‍යාපෘති සිදුකරන බව රජයේ සහ පෞද්ගලික ආයතනයන් වෙත අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ බලපත්‍රය මත රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිනිඅවි සහ පතරොම් මිල දී ගැනීමේ ඒකකය වෙතින් ලබා ගැනීමට උපදෙස් නිකුත් කර ඇති බවයි.
එසේම ගල්වලවල් සහ කැනීම් කටයුතු කරන කර්මාන්ත සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් බලපත්‍රලාභීන් හට එම බලපත්‍රය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ පුපුරණ ද්‍රව්‍ය ලබාගත හැකි බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය පවසයි.
පැවති ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීම ආරක්ෂක මණ්ඩලය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබිණ.