by Staff writer 22-05-2019 | 3:15 PM
COLOMBO (News 1st) : හෙරොයින් ජාවාරමේ යෙදුණු සැකකරුවෙකු හෝමාගම , හබරකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත යතුරු පැදියක යමින් සිටියදී සැකකරු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසී ය.
ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 300 කට අධිකයි.
27 හැවිරිදි සැකකරු සිය රියදුරු බලපත්‍රය ලෙස භාවිත කර ඇත්තේ සිය වයසේම මියගිය පුද්ගලයකුගේ රියදුරු බලපත්‍රයක් බවද පොලීසිය පැවසී ය.
ඔහු අද හෝමාගම අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට සැලසුම් කර ඇති බව පොලීසිය පැවසී ය.