පාර්ලිමේන්තුව හෙට පෙ. 10.30 තෙක් කල් තැබේ

නොසන්සුන් පාර්ලිමේන්තු රැස්වීම අතරතුර ත්‍රස්ත ප්‍රහාරය ගැන සෙවීමට තේරීම් කාරක සභාවක්

by Staff writer 22-05-2019 | 10:52 PM
COLOMBO (News 1st) :  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග විවාදයට දිනයක් ලබා නොදීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය දැඩි විරෝධයක් පළ කළේ ය. මේ එම විවාදයේදී දිනේෂ් ගුණවර්ධන, කථානායක කරු ජයසුරිය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, ආචාර්ය බන්දුල ගුණවර්ධන, විජිත හේරත්, විමල් වීරවංශ , නාමන් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, සුසිල් ප්‍රේමජයන්ත, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අදහස් පළ කළහ. මේ අතර අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධ යෝජනාව අද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. පාර්ලිමේන්තුව හෙට යළි පෙරවරු 10.30 ට රැස්වීමට නියමිතයි. https://www.youtube.com/watch?v=8gdYDeqJxZA