වීසා නොමැති පලස්තීන ජාතිකයෙකු අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැදී සිටි පලස්තීන ජාතිකයෙකු මහනුවරදී අත්අඩංගුවට

by Staff writer 16-05-2019 | 5:51 PM
COLOMBO (News 1st) - වීසා නොමැතිව මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙකු මහනුවර, තැන්නකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු තැන්නකුඹුර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳී සිට ඇති බව ය. ව්‍යාපාරික වීසාවලින් මෙරටට පැමිණ ඇති ඔහු පසුගිය පෙබරවාරි මස 15 වන දා සිට වීසා නොමැතිව මෙරට රැඳී සිට තිබේ. 46 හැවිරිදි අදාළ පලස්තීන ජාතිකයා දෝහා කටාර්හි පදිංචිකරුවෙකි. සැකකරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.