සැකකටයුතු දෑ දැන්වීමට නාවික හමුදාවෙන් අංක තුනක්

සැකකටයුතු යමක් වෙතොත් දැන්වීමට නාවික හමුදාවෙන් අංක තුනක්

by Staff writer 15-05-2019 | 6:45 PM
COLOMBO (News 1st) : නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම් හා, ආරක්ෂාව සැලසීමේ කාර්යයන්ට සහාය දැක්වීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංක තුනක් ප්‍රකාශයට පත් කර තිබේ.

0112445368 0112449719 0772201365

අද ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ආරක්ෂක තත්ත්ව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී නාවික හමුදා ප්‍රකාශකවරයා මෙම අංක ප්‍රකාශයට පත් කළේය. ඉහත අංක වෙත ලබා දෙන තොරතුරු විශ්ලේෂණය කර, නාවික හමුදාව හෝ ළඟම ඇති පොලීසිය මාර්ගයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන බව ද මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.