by Staff writer 15-05-2019 | 6:50 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් 85 දෙනෙකු මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව අද මාධ්‍යයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉන් 65 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින අතර, 20 ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා ගනිමින් ප්‍රශ්න කිරීම සිදුවන බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පිරිසෙන් අට දෙනෙකු කාන්තාවන් වන අතර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ පසුවන්නන්ගෙන් දෙදෙනෙකු කාන්තාවන් වේ.
කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේ දී තුවාල ලැබූ, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ බිරිඳ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන පිරිසට අයත් වේ.