හැරී කුමරුගේ සහ මේගන්ගේ පුතුට නම් තබයි

හැරී කුමරුගේ සහ මේගන්ගේ පුතුට නම් තබයි

by Staff writer 08-05-2019 | 10:31 PM
(News 1st) - බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ආදිපාද හැරී කුමාරාටත් මේගන් මර්කල් ආදිපාදවරියටත් දාව උපන් පුතණුවන්ට නම් තබා තිබේ. ඒ, ආචි හැරිසන් මවුන්ට් බැට්න් වින්ඩ්සර් ලෙසයි. කුමරු බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජිණගේ 8 වන මී මුණුපුරායි. හැරී කුමරුගේ සහ මේගන් ආදිපාදවරියගේ විවාහයට ගී ගැයූ දේවස්ථාන ගීතිකා කණ්ඩායම නව කුමරු වෙනුවෙන් නැලවිලි ගීයක් ද නිර්මාණය කර තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.