by Staff writer 06-05-2019 | 9:03 PM
COLOMBO (News 1st) - මෙවර වෙසක් උත්සවයේදී ජනතාව එක් රැස් කෙරෙන සැණකෙලි හා උත්සව ආදියෙන් වලකින ලෙස ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් පවසති.
උන්වහවන්සේලා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙවර වෙසක් උත්සවයේදී අධ්‍යත්මික සුපෝෂණය උදෙසා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසයි.
ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් පෙන්වා දෙන්නේ, මෙවර උතුම් වෙසක් මංගල්‍යයේදී අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් බියට පත් ව පීඩිතව සිටින සමස්ත ලංකාවාසීන් හට චිත්ත ශක්තිය උදා කිරීමට කටයුතු කිරීම සියල්ලන්ගේ වගකීමක් බවයි.
ඒ වෙනුවෙන් මෙවර වෙසක් උත්සව සමයේ ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් කටයුතු කරන ලෙස උන්වහන්සේලා මහජනතාවගෙන් ඉල්ලා සිටි.
මහ නා හිමිවරුන් අවධාරණය කර ඇත්තේ, වෙසෙක් පොහොය දිනය නිමිත්තෙන් පුණ්‍ය ක්‍රියා සහ වෙනත් වැඩසටහන් සංවිධානය කිරීමේදී ආරක්ෂක අංශවල උපදෙස් මත මහජන ආරක්ෂාව තහවුරුවන අයුරින් කටයුතු කරන ලෙසයි.
මෙම ව්‍යසනකාරි තත්ත්වයෙන් රට මුදා ගැනීමට, සියලු දේශාපාලන නායකයින් වාද භේද පසෙක ලා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ස්ථිරසාර ප්‍රතිපත්තියක් යටතේ ආගමානුකූලව කටයුතු කරන ලෙස ද මහ නා හිමිවරුන් ඉල්ලා ඇත.