by Staff writer 06-05-2019 | 8:49 PM
COLOMBO (News 1st) - 'ෂරියා' විශ්වවිද්‍යාලය නැතහොත් 'මඩකලපුව මණ්ඩපය' නමින් හැඳින්වෙන කිසිදු ආයතනයකට උපාධි පාඨමාලා පැවැත්වීමට බලයදී නැතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කෙරුණි.
එහි සඳහන් වූයේ ෂරියා විශ්වවිද්‍යාලය නැතහොත් මඩකලපුව මණ්ඩපය නමින් උපාධි පාඨමාලා පැවැත්වීමට අවසරයක් ද ඉල්ලා නොමැති බවයි.
1978 විශ්වවිද්‍යාල පනත අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට අයත් වන්නේ, රාජ්‍ය විශ්වවිද්‍යාල 15 හි අධ්‍යාපනය සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය කිරීමත් එම විශ්වවිද්‍යාලවල පරිපාලනය විධිමත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කිරීමත් පමණක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.