පී.බී ජයසුන්දරට හා පොලිස්පතිට සිතාසි

පී.බී ජයසුන්දරට හා පොලිස්පතිට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි

by Staff writer 06-05-2019 | 5:34 PM

COLOMBO (News 1st) - හිටපු මහා භාණ්ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර හා පොලිස්පතිවරයාට ලබන 13 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට මහා පරිමාණ වංචා පිළිබඳ නඩු විභාග කිරීමේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කර තිබේ.

ඒ, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතාට එරෙහි නඩුව අද කැඳ වූ අවස්ථාවේදීයි. එහිදී ගාමිණී සෙනරත් මහතා වෙනුවෙන් මෙම සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව අද අධිකරණයට ඉදිරිපත් කළ අතර දූෂණ විරෝධි කමිටුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ද එම ලැයිස්තුවට අයත් ය. රජයට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ. අද දින නඩුව කැඳවනු ලැබුවේ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදීයි.