කඩු, කිණිසි භාර දීමට දුන් කාලය යළි දීර්ඝ කෙරේ

කඩු, කිණිසි භාර දීමට දුන් කාලය තවත් පැය 48කින් දීර්ඝ කෙරේ

by Staff writer 06-05-2019 | 8:40 AM
COLOMBO (News 1st) : කඩු, කිණිසි, උල් පිහි, හමුදා හා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් පොලීසියට භාර දීමට ලබා දී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කර තිබේ. නිවෙස්වල සහ ඇතැම් ස්ථානවල ඇති කඩු, කිණිසි සහ උල්පිහි ආදිය පොලිස් ස්ථාන වෙත භාරදීමට ලබාදී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබිණ. පොලිස් මූලස්ථානය පැවසුවේ එම කාලය අද මධ්‍යම රාත්‍රී 12 සිට තවත් පැය 48 කින් දීර්ඝ කර ඇති බවයි. ඒ පිළිබඳව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.