ප්‍රහාරවලින් තුවාල ලැබූ 11ක් දැඩි සත්කාර ඒකකයේ

බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලැබූ 11ක් තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ

by Staff writer 03-05-2019 | 3:56 PM
COLOMBO (News 1st) - පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයින් 46 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඉන් 11 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව ය. රෝගීන් 30 දෙනෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මීගමුව රෝහලේ 3 දෙනෙකු සහ මඩකලපුව රෝහලේ 11 දෙනෙකු ප්‍රතිකාර ලබන බව ද ඔහු සඳහන් කළේ ය. අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 258ක් වන බව ය.