by Staff writer 03-05-2019 | 10:35 PM
COLOMBO (News 1st) - වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත් වාර්තාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද භාර දී තිබේ.
හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් සකස් කර ඇති මෙම වාර්තාව ජනාධිපතිතුමාට අද පස්වරුවේ භාර දුන්නේ ජනාධිපති කාර්යාලයේදී ය.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජගත් ජයසූරිය, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද්මිරාල් ජයනාත් කොළඹගේ, හිටපු පොලිස්පතිවරුන් වන මහින්ද බාලසූරිය සහ චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.