'ෆොනී' චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු

'ෆොනී' සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළ චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු

by Staff writer 28-04-2019 | 8:42 AM

COLOMBO (News 1st) - ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින 'ෆොනී' සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එය ලබන 30 වැනි දා දක්වා නැගෙනහිර වෙළරට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි. අනතුරුව එය ඊසාන දෙසට ගමන් කරනු ඇති. මේ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 100 දක්වා ඉහළ යනු ඇති. නැවත දැනුම් දෙනතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ හේතුවෙන් බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ දැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකිය.