පෙට්ටිගල වතුයායේ පවුල් 23ක් ඉවත් කෙරේ

නාය යාමේ අවදානම නිසා පෙට්ටිගල වතුයායේ පවුල් 23ක් ඉවත් කෙරේ

by Staff writer 28-04-2019 | 3:28 PM
COLOMBO (News 1st) : නාය යාමේ අවදානමක් හේතුවෙන් බලංගොඩ පෙට්ටිගල වතුයායේ පවුල් 23 ක පුද්ගලයින් 73 දෙනෙකු ඔවුන් පදිංචි නිවාසවලින් ආරක්ෂිතව ඉවත් කර තිබේ. බලංගොඩ ප්‍රාදේශීය ලේකම්, හේමන්ත බණ්ඩාර මහතා පැවසුවේ , එම පුද්ගලයින් මේ වන විට පෙට්ටිගල විද්‍යාල ක්‍රීඩාංගණයේ රඳවා සිටින බවයි.