මුස්ලිම් අන්තවාදී සංවිධාන 2ක් තහනම් කෙරේ

ජාතික තව්හිඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි යන සංවිධාන තහනම් කෙරේ

by Staff writer 27-04-2019 | 7:56 PM
COLOMBO (News 1st) - මුස්ලිම් අන්තවාදී සංවිධාන 2ක් වන ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සහ ජමාතේ මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. 2019 අංක 1 දරණ හදිසි අවස්ථා නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇති. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිත බව ය.