ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨාභය කියයි

ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨාභය කියයි

by Staff writer 27-04-2019 | 8:34 PM
(News 1st) - මේ වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමන් තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබේ. එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණු අතර ඉස්ලාම් අන්තවාදය පැතිරීම වැළැක්වීම හා බුද්ධි අංශ යළි ශක්තිමත් කිරීම ද ප්‍රමුඛ බව ය. යුද සමයේ හා ඉන් අනතුරුව තමන් ගොඩනැගූ බුද්ධි අංශ ජාලය වත්මන් රජය බලයට පත් වීමෙන් පසු අඩපණ නොකළේ නම් පසුගියදා ඇති වූ ප්‍රහාරයන් වළක්වා ගත හැකිව තිබූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ. රජය මෙවන් තත්ත්වයකට සූදානම්ව නොසිටි බව අදාළ පිපිරීම්වලින් පසු රජය අනුගමනය කළ ක්‍රියාමාර්ගවලින් පෙනී යන බව ද ඔහු රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.