ඉරක්කන්ඩිහිදී පුපුරණ ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට

ඉරක්කන්ඩි ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 27-04-2019 | 4:35 PM
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය, ඉරක්කන්ඩි ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග නාවික හමුදාව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලෙෆ්ටිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, අද උදෑසන නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත කළ පරීක්ෂාවකදී සැකකරු අත්අඩංගුවට ගත් බව ය. එහිදී යතුරු පැදියක්, ඩෙටනේටර් 215ක්, ජෙලග්නයිට් කූරු 51ක් ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනිණි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කුච්චවේලි පොලීසියට භාර දුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.