by Sagarika Chathumali 25-04-2019 | 7:39 PM
COLOMBO (News 1st) : පාස්කු ඉරිදා ප්‍රහාරවලට බෝම්බ ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ලොරියක් අද දහවල් වත්තල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගෙන තිබේ.
ඒ කොටහේන පොලීසියට ලද තොරතුරක් මත කළ පරීක්ෂාවකදීයි.
D A E 41 97 දරණ එම ලොරි රථය ෂැංග්‍රිලා හෝටලයේදී බෝම්බයක් පුපුරවා ගෙන මියගිය පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බව ද පොලීසිය පවසයි.