ආරක්ෂක ලේකම්වරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ආරක්ෂක ලේකම්වරයා ධුරය හැර යයි

by Sagarika Chathumali 25-04-2019 | 6:25 PM
COLOMBO (News 1st) : ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති යම් යම් ආයතන මගින් සිදුවී ඇතැයි, පැවසෙන දුර්වලතා සම්බන්ධයෙන් තමා වගකීම භාර ගනිමින් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු පැවසී ය. ඉල්ලා අස්වීම පිළිබඳ පැහැදිලි කරමින් ඔහු අවධාරණය කළේ, ආරක්ෂක අමාත්‍යංශය මගින් ඉටු කළ යුතු වැඩ කොටසින් 99%ක් නිසියාකාරව ඉටු කර ඇති බවයි. තව ද ජනාධිපතිවරයා තමාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස නොපැවසූ බවත්  ඔහු පැවසී ය. https://www.youtube.com/watch?v=FJO0MUCi0Ss