by Staff writer 20-04-2019 | 4:56 PM
COLOMBO (News 1st) - කටුනායක ගුවන්තොටුපොළට ගොඩබෑමට සැලසුම් කර තිබූ ගුවන් යානයක් අධික වර්ෂාව හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හරහා යවා තිබේ.
කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ක්වාලාලාම්පුර් සිට කටුනායක දක්වා පියාසර කළ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයක් එලෙස මත්තලට හරහා යැවුණු බව ය.
අද පස්වරු 4.05ට එම යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමිතව තිබූ බව ද ඔහු පැවසුවේ ය.