by Staff writer 12-04-2019 | 3:28 PM
COLOMBO (News 1st) - දිවයින පුරා කළ විශේෂ මෙහෙයුමකින් බීමත් රියැදුරන් 245 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ එම මෙහෙයුම කළ බවයි.
එහිදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 10,170 දෙනෙකුට නඩු පවරා තිබේ.
උත්සව සමයේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ දීපව්‍යාප්ත මෙහෙයුම් ලබන 22 වැනි දා දක්වා ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.