by Staff writer 08-04-2019 | 7:53 PM
COLOMBO (News 1st) - හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16 ක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය නිසා රෝගීන් අද පීඩාවට ලක් විය.
මේ අතර දුම්රිය ඇතුළු තව ත් වෘත්තීය සංගම් කිහිපයක් හෙට සිට වැඩ වර්ජනයකට සූදානම් වේ.
හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16 ක් දීපව්‍යාප්ත මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ ඉල්ලීම් 10 ක් මුල්කරගනිමිනි.
මේ හේතුවෙන් රජයේ රෝහල්වල හෙද සේවාවන්, ඖෂධ නිකුත් කිරීම්, එක්ස් කිරණ පරීක්ෂණ, ඇස්, දත් පරීක්ෂා කිරීම් වැනි සේවාවන් අද සිදුවූයේ නැත.
නමුත්, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල්වීදිය කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහලේ සේවා සාමාන්‍ය පරිදි සිදු විණි .
තව ද දුම්රිය ස්ථානාධිපති, නියාමක, පාලක, රියැදුරු අධීක්ෂණ කළමනාකරණ ක්ෂේත්රවල වෘත්තීය සංගම් හෙට මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48 ක වර්ජනයකට සූදානම් වේ.
මේ අතර අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා සඳහන් කළේ, තම ගැටලු සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බස් වර්ජනය සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කරන බවයි.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවේ උපාධිදාරී නිලධාරීන් අද අසනීප නිවාඩු දමා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණේ, උපාධිදාරීන් බඳවා ගැනීමේ පටිපාටිය විධිමත් කිරීම, වැටුප් විෂමතා හා උසස්වීම් ලබාදීමේ ගැටලු සම්බන්ධයෙන් විසඳුම් දෙන්නැයි ඉල්ලමිනි.
විරෝධතාකරුවන්ට අමාත්‍යංශයේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබාදුන්න ද විසදුම් ලැබී නැත.