මධුෂ්ගේ සාදයට ගිය තවත් 4 දෙනෙකු CIDය නිදහස් කරයි

මධුෂ්ගේ සාදයට ගිය තවත් 4 දෙනෙකු CIDය නිදහස් කරයි

by Staff writer 05-04-2019 | 12:56 PM
COLOMBO (News 1st) - ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් සැකකරුවන් 04 දෙනෙකු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අද මුදා හැරිණි. එලෙස මුදා හැරුණේ මොහොමඩ් වෂීම්ඩීන්, දිමුතු සුරන්ත පෙරේරා, සුරාජ් කාවින්ද සිල්වා සහ චරිත් පත්මන් නමැති අයයි. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වැලිගම පොලීසියට භාර දුන් රංගන ශිල්පී රයන් වැන් රෝයන් මහතා අද මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස් දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත්තේ ය. මාකඳුරේ මධුෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ පිරිසෙන් මේ වන විට දිවයිනට එවා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 13කි.