COLOMBO (News 1st) - විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා අද කැලණි තිස්ස විදුලි බලාගාරය නිරීක්ෂණය කර තිබේ.
මෙහිදී අමාත්‍යවරයා බලාගාරයේ පාලනාධිකාරිය සමග එය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කළේ ය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රවී කරුණානායක,
ලංකා විදුලිබල මණ්ඩලයත් මම පුද්ගලිකව සමාව භජනය කරනවා වගේම අප්‍රේල් 10 වන දා සිට එවැනි විදුලි ඇණ හිටීමක් ඇති නොවන විදිහට කටයුතු කිරීම අපි සියලු දෙනා භාර අරන් තියෙනවා. මාස 3 /4 අපි ප්‍රවේසමෙන් කටයුතු කරන්න ඕනා ඊට පස්සේ අපි තව මාස තුන හතරකින් ඔබලාගේ ඉල්ලුම අනුව සැපයුමක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
පාවෙන විදුලි බලාගාරවලින් විදුලි අවශ්‍යතාව සපුරා ගන්න පුළුවන් වෙයි ද අපිට ?
අමාත්‍ය, රවී කරුණානායක,
එසේමයි.. එක ලබා ගන්න දැනුත් අපේ කොළඔ වරායේ අවුරුදු 15 - 20 ක් එවැනි බාජස් තියෙනවා අලුත් දේවල් නෙවෙයි. දැන් එවා පාවිච්චි නොවීම නිසා තමයි විදුලිය ඇණ හිටලා තියෙන්නේ
මාධ්‍යවේදී ප්‍රශ්නය,
කැබ්නට් අනුමැතිය ලැබිලා තියෙනව ද ?
අමාත්‍ය, රවී කරුණානායක,
නැත්තම් කැබ්නට් එක දිලා තියෙනවා අපිට අපේ අමාත්‍යංශයට මේ ප්‍රශ්නය වහාම විසඳන්න කටයුතු කරන්න කියලා එකට කටයුතු කරන්න යන්නේ
මාධ්‍යවේදී ප්‍රශ්නය,
මාධ්‍ය වර්තා පළ වෙනවා විදේශයන්හි සිට පාවෙන බලාගාර පැමිණෙමින් ඉන්නවා කියලා
අමාත්‍ය, රවී කරුණානායක,
මේහේ පාවෙන කොට මොකටද මාධ්‍ය කියන්න අවශ්‍ය වෙන්නේ පිට රටවල පාවෙනවා කියලා. ගිහිල්ලා කොළඔ වරායේ බැලුවාත් පාවෙලා තියෙනවා අවුරුදු 15 ක්. ඉතින් සිද්ධ වෙන්නේ නෑ ඒවා ගැන.
https://www.facebook.com/NewsfirstSL/videos/352129218978755/