by Staff writer 03-04-2019 | 12:06 PM
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය කින්නියා උණු වතුර ළිං ආශ්රිත ප්‍රදේශයෙන් සෙල්ලිපියක කොටස් කිහිපයක් සොයා ගැනීමට පුරාවිද්‍යා නිලධාරීහු ඊයේ සමත් වූහ.
කින්නියා උණු වතුර ළිං ආශ්‍රිතව ඇති පුරාවිද්‍යා රක්ෂිතයේ තිබී සොයා ගැනුණු මෙම සෙල්ලිපියෙහි කොටස් දෙවන හෝ 3 වන සියවසට අයත් බවට පුරාවිද්‍යා නිලධාරීහු සැක පළ කරති.
මීට මාස කිහිපයකට පෙර ද මෙම ප්‍රදේශයෙන් සෙල්ලිපියක කොටසක් හමු වූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.
පුරාවිද්‍යා නිලධාරීන් විශ්වාස කරන්නේ, එම සෙල්ලිපියෙහිම ඉතිරි කොටස් මෙලෙස හමුව ඇති බවට ය.
මෙම සෙල්ලිපියේ ඉතිරි කොටස් සොයා කැණීම් සිදු කරන බව පුරාවිද්‍යා නිලධාරීහු ප්‍රකාශ කළහ.