හොරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට

ඊසි කෑෂ් මගින් හොරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 03-04-2019 | 10:11 AM
COLOMBO (News 1st) - ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගෙන හොරොයින් ජාවාරමේ යෙදුණු සැකකරුවෙකු හොරණ ගල්ඒදඬුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු හොරණ හා වැලිකල යන ප්‍රදේශවල නිවාස 3ක් කුලියට ගෙන මෙම ජාවාරම මෙහෙයවා ඇති බව ය. ඔහු සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 25කි. මෝටර් රථයකින් යමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි රත්නපුර මිහිදුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු මීට පෙර ද රන්මාල කොල්ලකෑම් හා හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය මගින් නඩු පවරා ඇති පුද්ගලයෙකි.