by Staff writer 02-04-2019 | 11:16 AM
COLOMBO (News 1st): මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විභාග වන නඩු කඩිනම් කරන්නැයි, රජයේ සියලු නීතිඥවරුන්ට උපදෙස් දුන් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, විභාග වෙමින් පවතින නඩුවලට අදාළව ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරිම මෙහි අරමුණ බවයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අවස්ථා 4 කදී සිය භාරයට ගත් , කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 769 කට අධික තොගයක් ඊයේ විනාශ කරනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණය යටතේ ඊයේ එම කටයුතු ආරම්භ කෙරුණේ කැලණිය , ගෝනවල පිහිටි ගබඩා සංකීර්ණයකදීයි.
කොළඹ හා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොකේන් තොගය විනාශ කෙරුණු අතර ඒවා දියර බවට පත් කර ,වාෂ්ප කර විනාශ කරනු ලැබුවේ , පුත්තලමේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවකදීයි.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හා රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද මේ සඳහා සහය ලබාදුන්හ.