මන්නාරම ASP අලවත්ත, CID අත්අඩංගුවට

මන්නාරම සහකාර පොලිස් අධිකාරීවරයා CID අත්අඩංගුවට

by Sagarika Chathumali 01-04-2019 | 10:05 PM
COLOMBO (News 1st) : මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, 2008 වසරේදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවනු ලැබ සිටි සහකාර පොලිස් අධිකාරීවරයා ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරව අත්අඩංගුවට ගත් බවයි. 2008 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා පිළියන්දල පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළා යැයි ඔහුට චෝදනා එල්ල වී තිබිණ.