by Staff writer 01-04-2019 | 12:21 PM
COLOMBO (News 1st) - බොරැල්ල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතාට මරු කැඳ වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු නවිඳු රත්නායක මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අද මුදාහැරිණි.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම සැකකරුට එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇතැයි පොලීසිය අද අධීකරණයට දන්වා සිටියේ ය.
නඩුව ලබන 22 වැනි දා යළි කැඳවීමට නියමිත වේ.