by Staff writer 31-03-2019 | 5:15 PM
COLOMBO (News 1st) : මෙරට ආරක්ෂක අංශ භාරයේ ඇති කොකේන් කිලෝග්‍රෑම් 769ක් හෙට දිනයේ ප්‍රසිද්ධියේ විනාශ කිරීමට නියමිතව තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, 2015 සිට 2017 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී ආරක්ෂක අංශ භාරයට ගත් කොකේන් තොගයක් එලෙස විනාශ කෙරෙනු ඇති බවයි.
මෙම තොගය විනාශ කිරීමට නියමිතව ඇත්තේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සහ ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදීයි.
කොකේන් විනාශ කිරීමෙන් පරිසරයට කිසිදු හානියක් නොවන බවට, මධ්‍යම පරිසර අධිකාරිය මේ වන විට දන්වා ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කළේ ය.
එලෙස විනාශ කිරීමට නියමිතව ඇත්තේ, ඔරුගොඩවත්ත සහ ගල්කිස්ස ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් කොකේන් තොගයකි.
පොලීසිය සඳහන් කළේ, පුත්තලමේ පිහිටි සිමෙන්ති සංස්ථා පරිශ්‍රයේදී කොකේන් විනාශ කරනු ලබන අවස්ථාව මාධ්‍ය හරහා සජීවීව මහජනතාවට දැක බලා ගැනීමට ද අවස්ථාව හිමිවනු ඇති.
පසුගිය වසරේ ජනවාරි 15 වන දා ද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් කොකේන් කිලෝග්‍රෑම් 926 ක් විනාශ කරනු ලැබිණ.
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේදී එලෙස විනාශ කරනු ලැබුවේ, 2016 වසරේ දෙසැම්බර් 09 වන දා කොළඹ වරායට පැමිණි නෞකාවකින් සොයාගත් කොකේන් කිලෝග්‍රෑම් 962ක ප්‍රමාණයකි.