by Sagarika Chathumali 27-03-2019 | 4:52 PM
COLOMBO (News 1st) : ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට පත් බන්ධනාගාර නියාමක ලලිත් කුමාර මාකඳුරේ මධුෂ් සමග සමීප සබඳා පවත්වා ඇති බව හෙළි වී තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත භාරදීමටත් පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසී ය.
පසුගිය 5 වන දා අත්අඩංගුවට පත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායක මාකදුරේ මධුෂ් සමග ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත්‍රයා සමග මෙම බන්ධනාගාර නියාමකවරයා ද විය.