පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාසි තොගයක් අතුරුදන්..

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාසි තොගයක් අතුරුදන්...

by Hashini De Mel 24-03-2019 | 11:48 AM

COLOMBO (News 1st) - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පැරණි කාසි තොගයක් නැති වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අතුරුදන් වූ කාසි සංඛ්‍යාව මෙතෙක් තක්සේරු කර නොමැත. මෙම කාසි භාරව කටයුතු කළ සහකාර අධ්‍යක්ෂකවරයා විශ්‍රාම යාමෙන් පසු එම දෙපාර්තමේන්තුව කළ කාසි ගණනයකදී මේ බව අනාවරණය වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් පී. බී. මණ්ඩාවල මහතා පැවසූවේ, මේ පිළිබඳ විමර්ශනයට කමිටුවක් පත් කර ඇති බවත් එම වාර්තාව ලැබුණු පසු එම ගණනය කිරීම් සිදු කරන බවත් ය.