බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා මිය යයි

වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා මිය යයි

by Staff writer 22-03-2019 | 9:57 AM
COLOMBO (News 1st) - වෙඩි වැදීමකින් තුවාල ලබා සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන මහතා මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කරාපිටිය රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇති බව ය. කපිල ප්‍රියදර්ශන මහතා, පසුගිය 20 වන දා උදෑසන පල්ලත්තර පිහිටි සිය නිවසේ කාමරයක් තුළ වෙඩි වැදී තුවාල ලබා සිටියදී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කළේ ය.