කෙන්යා සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

කෙන්යා සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

by Staff writer 17-03-2019 | 12:04 PM

COLOMBO (News 1st) - කෙන්යාවේ සිව්දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු ශ්‍රී ලාංකික දූත පිරිස යළි දිවයිනට ළඟා විය.

කටුනායක ගුවන්තොටුපොළ කළමනාකාරවරයා සඳහන් කළේ, අද උදෑසන 7.55 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජනාධිපතිතුමා මෙරටට ළඟා වූ බවයි. ජනාධිපතිතුමා කෙන්යාවේ සංචාරයක නිරත වූයේ, නයිරෝබි නුවර පැවති එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙසයි. ඒ, එරට ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ විශේෂ ආරාධනයකට අනුවයි. පරිසර අභියෝග හා තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම් යන තේමාව යටතේ නයිරෝබි නුවරදී එම සමුළුව පැවැත් විය. සමුළුවට නව යෝජනා 4 ක් ජනාධිපතිතුමා එක් කළේ ය. ඒ, ශ්‍රී ලංකාවේ සමඅනුග්‍රාහකත්වයෙනි.