රාජ්‍ය ආයතන අවට බුලත්විට විකිණීම තහනම්...

රාජ්‍ය ආයතන අවට දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන විකිණීම තහනම්

by Staff writer 13-03-2019 | 5:17 PM

COLOMBO (News 1st) - රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ, බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන හේතුවෙන් මුඛ පිළිකා වැලඳීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සහ එම ආයතනවලට පැමිණෙන ජනතාවට රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්විට සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන තහනම් වනු ඇති. මීට අදාළව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතායි.