අල්ලස් ගත් මාතර පාසලක විදුහල්පති රිමාන්ඩ්

අල්ලස් ගත් මාතර පාසලක විදුහල්පති රිමාන්ඩ්

by Staff writer 13-03-2019 | 4:02 PM

COLOMBO (News 1st) - රුපියල් 8000 ක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් මාතර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා ලබන 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරු දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පාසලේ 6 වන ශ්‍රේණියට සිසුවෙකු ඇතුලත් කර ගැනීම සඳහා රුපියල් 15,000 ක අල්ලසක් ඉල්ලා ඉන් 7000 ක මුදලක් ලබාගෙන ඉතිරි රුපියල් 8000 ලබා ගැනීමට යාමේදී සැකකරු ඊයේ අත්අඩංගුවට පත් විය.