අන්තරේ විරෝධතාවයට පොලීසියෙන් කඳුළු ගෑස්

අන්තරේ විරෝධතාවයට පොලීසියෙන් කඳුළු ගෑස්

by Staff writer 13-03-2019 | 4:44 PM

COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු වටරවුම අවට පැවැත්වූ  විරෝධතාවකට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. මෙම විරෝධතාව හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය මේ වනවිට වසා දමා ඇති බව පොලීසිය සඳහන් කළේ ය. අප වාර්තාකරුවන් සඳහන් කළේ, පාර්ලිමේන්තු වටරවුම හා ඒ ආශ්‍රිත මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/987672668098436/